පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් සෑම කෙනෙකුගේම අවදානය යොමු විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
අදට යෙදී තිබෙන අන්තර් ජාතික වෙරළ පවිත්‍රා දිනයට සමගාමීව සංවිධාන කෙරුණු වෙරළ පවිත්‍රතා ජාතික සැමරුම් උත්සවයට ගාල්ල – දඩල්ල වෙරළ තීරයේදී එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.
එමෙන්ම අමරපුර මහා නිකායේ සිරි සුමන පාර්ශවයේ මහනායක පදවියෙන් පිදුම් ලද පූජ්‍ය කොළොන්නාවේ සිරි සුමංගල හිමියන්ට සන්නස් පත්‍ර පිළිගැන්වීම ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (16) සිදුකෙරුණා.
ඒ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදියි.
