ජාතින් අතර අසමගිය ඇතිවන ලෙස අන්තර්ජාලය භාවිතා කිරිමේ චෝදනාවට පසුගිය දින දෙකේදි අත්අඩංගුවට ගත් පාසල් සිසුන් දෙදෙනා ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (11) ඉදිරිපත් කිරිමෙන් පසුවයි.
ඔවුන් මාකොළ තරුණ රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා තබන ලෙසටයි අධිකරණය නියෝග කර ඇත්තේ.
අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනා මිනුවන්ගොඩ සහ හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවන්.
