Gossips

අන්තර්ජාලයේ පාලනය සහතික කළ යුතු බව චීන ජනපති කියයි

පුළුල් සාමාජීය සහ ආර්ථික ඉලක්කයන් ළඟා කර ගැනීම සඳහා අන්තර්ජාලයේ පාලනය සහතික කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රකාශ කළා.
ඔහු සඳහන් කළේ අන්තර්ජාලයේ ආරක්ෂාවකින් තොරව අද ජාතික ආරක්ෂාව පිළිබඳව කතා කළ නොහැකි බවයි.
එමෙන්ම, ආර්ථික සහ සමාජ ස්ථාවරභාවය ඇති කිරීමට පුළුල් ජනකොටසක් වෙත ප්‍රවේශ වන අන්තර්ජාලයේ පාලනයක් පැවතිය යුතු බවයි ඔහු කියා සිටියේ.
ෂී ජින්පින් ගේ නායකත්වය යටතේ චීනය අන්තර්ජාලය පාලනය කිරීමේ වර්ධනයක් දක්නට ලැබෙන අතර, ඔහුගේ නව ප්‍රකාශයෙන් එය තවදුරටත් උත්සන්න කෙරෙනු ඇති බවයි විදෙස් විචාරකයන් පෙන්වා දෙන්නේ.
එමෙන්ම, ඇමරිකා එක්සත් ජනපදය සමඟ ආර්ථික යුද්ධයකට පැටලී සිටින චීනය ගෝලීය අන්තර්ජාල නියාමනයේ සහ තාක්ෂණයේ පෙරමුණ ගැනීමටද සැලසුම් කරමින් සිටිනවා.