Gossips

අන්තර්ජාලයෙන් ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම පෞද්ගලික බස් රථවලටත්

අන්තර්ජාලය ඔස්සේ පුද්ගලික බස් රථ වල ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම ලබාදීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.
මේ අනුව,ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිළ වෙබ් අඩවියට පිවිසීමෙන් මෙලෙස ආසන වෙන් කරවා ගත හැකි බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
මේ සඳහා මගියෙකුට ටිකට්පතේ ගාස්තුවට අමතරව රුපියල් 30 ක් වැනි අමතර මුදලක් ගෙවීමට සිදුවනු ඇති.
මුල් අදියර යටතේ දුර ගමන් මාර්ග 35 ක ආසන වෙන් කර ගත හැකි බවයි ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ.