Gossips

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිලධාරීන්ගේ හමුවක් හෙට ඩුබායි හිදී

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිලධාරීන්ගේ හමුවක් හෙට ඩුබායි හිදී පැවැත්වෙනවා.
ඊට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවයි එම ආයතනය නිවේදනය කළේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිසි බලධාරියෙකු යටතේ කටයුතු කළ සමයේ මෙරටට ලැබිය යුතු මූල්‍ය ප්‍රතිපාදන වලින් කොටසක් කපා හැරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබූ අතර, එය නැවත ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා මෙහිදී සාකච්ඡා කරනු ඇති.
එම සාකච්ඡාවලට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා ඩුබායි බලා පිටත්ව ගියේ මීට දින කිහිපයකට පෙරයි.