Gossips

අනවසර විදුලි රැහැනක පැටලුණු තරුණ ජීවිතය

කුඹුරකට අදින ලද අනවසර විදුලි රැහැනක පැටලීමෙන් පුද්ගලයෙකු මිය යාමේ පුවතක් මිනිපේ, හසලක, උඩවත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙම විදුලි රැහැනේ පැටලීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
විදුලි සැර වැදුණු පුද්ගලයින්ගෙන් එක් පුද්ගලයෙකු එම ස්ථානයේම මියගොස් ඇති අතර රාත්‍රියේ සතුන් දඩයමේ ගොස් පැමිණෙන අතර වාරයේ මොවුන් මෙම අනතුරට මුහුණ පා ඇති බව සඳහන්.
මෙලෙස මියගොස් ඇත්තේ පමුණුපුර, උඩවත්ත උතුර, බටුමුල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක්.
මරණය සම්බන්ධයෙන්වන මහේස්ත්‍රාත් පරීක්ෂණය මහියංගනය වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකර තිබෙනවා.
විදුලි සැර වැදුණු ස්ථානයේ තිබී බෙහෙත් කොටන තුවක්කු දෙකක් හසලක පොලිසිය විසින් සොයාගෙන ඇති අතර විදුලි රැහැන අදින ලද පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.