Gossips

අනවසර අලි අගල් කැපීම් හේතුවෙන් පරිසර ගැටලු රැසක්

පුත්තලම – මහකුඹුක්කඩවල ප්‍රදේශයේ අනවසර අලි අගල් කැපීම් හේතුවෙන් පරිසර ගැටලු රැසක් මතුව තිබෙනවා.
අද හිරු සී.අයි.ඒ. අනාවරණය ඒ පිළිබඳවයි.
වන අලින්ගෙන් පොල් ඉඩම් රැක ගැනීමට බව පවසමින් කිලෝ මීටර් ගණනාවක් දුරට අලි අගල් කපා ඇත්තේ මහකුඹුක්කඩවල ප්‍රදේශයේ හිටපු ග්‍රාම
නිලධාරීවරයෙකුගේ අනුදැනුම ඇතිවයි.
ගම්වාසීන් චෝදනා කරන්නේ අවුරුදු සමයේ රාජ්‍ය ආයතනවල නිලධාරීන් නොමැති අවස්ථාවේදී දිවා රාත්‍රී නොතකා මෙලෙස අලි අගල් කපා අවසන් කර ඇති බවයි.
ඔවුන්ට අයත් ඉඩම් කොටස්වලට අමතරව වෙනත් පුද්ගලයන්ගේ ඉඩම් මතින් ද අලි අගල් කපා දමා ඇති බව හිරු සී.අයි.ඒ. වෙත ගම්වාසීන් පවසා සිටියා.