Gossips

අනවසරෙන් මැණික් ගැරූ හත්දෙනෙකු අත්අඩංගුවට

බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගැරීමක නිරතව සිටි හත් දෙනෙක් ඊයේ (12) රාත්‍රියේ හැටන් පොලිස් කෙට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහවැලි ගඟට හැටන් සිට ප්‍රධාන වශයෙන් ජලය ගල බසිනා හැටන් ඔයේ ස්ටැඩන් වත්ත ප්‍රදේශයේ මෙම අනවසර මැණික් ගැරිම සිදු කර බවයි මෙම වැටලිම සිදු කල නිලධාරින් කියා සිටියේ.
විශාල පරිසර හානියක් සිදු කරමින් මෙම සැකකරුවන් අනවසරෙන් මැණික් ගැරිමේ නිරතව සිටි බවත්, සැකකරුවන් එම වතුයායේම පදිංචිකරුවන් බවයි වැටලිම සිදු කළ නිලධාරින් කියා සිටියේ.
මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.