Gossips

අනවසරෙන් මැණික් ගැරූ හතක් අත්අඩංගුවට

විශාල පරිසර හානියක් සිදු කරමින් බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් 7 දෙනෙකු බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පිරිස විසින් මැණික් ගැරීමට උපයෝගි කර ගත් උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන ඇතිබවයි පොලිසිය ප්‍රකාශ කළේ.
බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වතු යායේ මැද කොටසේ තෘණ බිමක විශාල වලවල් හාරා පරිසර විනාශයක් සිදු කරමින් පිරිසක් මැණික් ගරමින් සිටින බවට බගවන්තලාව පොලිසියට ලද තොරතුරක් මත සිදු කල මෙහෙයුමකදි මෙම සැකකරුවන් අත්අඩංගුවට තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ප්‍රදේශයේම පදංචිකරුවන් බවත්, එම සැකකරුවන් අතරින් සැකකරුවන් කිහිපදෙනෙකු අනවසරෙන් මැණික් ගැරීමේ ජාවාරම්වල නිරතව සිට මීට ප්‍රථම නිතියේ රැහනට කොටු වි අධිකරණය හමුවේ චූදිතයන් වු අය බවයි බගවන්තලාව පොලිසිය කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර, ඔහුන්ට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නීතිමය පියවර ගැනිමට කටයුතු කරන බවයි බගවන්තලාව පොලිසියි වැඩිදුරටත් සඳහන් කරේ.