පසුගිය වර්ෂය තුළ අනවසරයෙන් විදුලිය ලබාගත් පුද්ගලයින්ගෙන් දඩ වශයෙන් රුපියල් කෝටි 11කට අධික මුදලක් අය කරගෙන ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක, සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ ඊට අදාළව පුද්ගලයින් 2000කට අධික පිරිසකට අධිකරණය හමුවේ නඩු පැවරූ බවයි.
අනවසරයෙන් විදුලිය ලබා ගැනීම් පිළිබඳ තොරතුරු ඇත්නම්, විදුලිබල මණ්ඩල විශේෂ විමර්ශන ඒකකයේ 0112 422 259 යන දුරකථන අංක වෙත දැනුම් දීමේ හැකියාව පවතිනවා.