Gossips

අනවසරයෙන් විදුලිය ලබාගැනීමට ගොස් විදුලි සැර වැදී මරුට

අනවසරයෙන් විදුලිය ලබාගැනීමට උත්සාහ කළ වටවල – ටෙම්පල්ස්ටොර් වතුයායේ පදිංචි පුද්ගලයෙකු විදුලි සැර වැදි මියගොස් තිබෙනවා.
කෝවිලක පැවති උත්සවයක විදුලි බුබුලූ දැල්වීම සදහා එම වතුයායේ තේ කර්මාන්තශාලාවේ සිට නිල නිවාස දක්වා ඇද ඇති විදුලි රැහැන්වලින් විදුලිය ලබා ගැනීමට යාමේදියි ඊයේ(17) රාත්‍රියේ මෙම අනතුර සිදුවී ඇත්තේ.
පසුව තවත් වතු කම්කරුන් කිහිපදෙනෙකු විසින් ඔහුව වටවල රෝහල රැගෙන ගොස් ඇති නමුත් ඒවන විටත් ඔහු මියගොස් සිටි බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ 28 හැවිරිදි දෙදරු පියෙක්.