Gossips

අනවසරයෙන් වැලි ගොඩදැමූ හතරදෙනෙකු අත්අඩංගුවට

සියඹලාණ්ඩුව – විස්සේ කණුව ප්‍රදේශයේදී හැඩ ඔයෙන් අනවසරයෙන් වැලි ගොඩදැමූ පුද්ගලයින් හතරදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.
වැලි ගොඩදැමීමට භාවිත කළ ටිපර් රථයක්, බැකෝ යන්ත්‍රයක් සහ ට්‍රැක්ටර් දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකරුවන් හෙට සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.