Gossips

අනවසරයෙන් ලිංගික උත්තේජන ඖෂධ තොගයක් රැගෙන ආ පුද්ගලයෙකු අල්ලයි

ලිංගික උත්තේජන ඖෂධ තොගයක් ඇතුළු තවත් සිරුරු ආලේපන තොගයක් නීතිවිරෝධී ලෙස මැලේසියාවේ සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ (23) සවස කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු ගම්පහ , උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකු බවයි වාර්තාවන්නේ.
ඔහු ඊයේ (23) දින සවස 5.00 ට මැලේසියාවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ , එහි කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ ගුවන් තොටුපළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.
ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මල්ලේ රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා ලිංගික උත්තේජන ඖෂධ විශාල ප්‍රමාණයක් ද , ඊට අමතරව කාන්තාවන් තම සිරුරු වල රාත්‍රී කාළයේ ආලේප කරන ආලේපන තොගයක් ද තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.
මෙම ලිංගික උත්තේජන සහ රාත්‍රී ආලේපන තොගය රාජසන්තක කර , මෙම ව්‍යාපාරිකයාට රුපියල් 10,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබෙනවා