නීතිවිරෝධී අන්දමින් මැණික් ගරමින් සිටි පුද්ගලයින් 6 දෙනෙකු කොස්ලන්ද – අලකොල ඇල්ල ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගත් බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය සහ කොස්ලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, මැණික් ගැරීම සඳහා යොදාගත් උපකරණ රැසක්ද ඔවුන් සතුව තිබී සොයාගෙන තිබෙනවා.
