Gossips

අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට

කාසල්රී ජලාශයට ජලය ගලා බසින කෙසෙල්ගමු ඔයේ අනවසරයෙන් මැණික් ගැරූ පුද්ගලයින් 4 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අද අත්අඩංගුවට ගෙන ඇත්තේ බලංගොඩ සහ බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් මැණික් ගැරීමට යොදා ගත් උපකරණ ද පොලිස් භාරයට ගනු ලැබුවා.
සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.