Gossips

අනවශ්‍ය වියදම් කපා හැර කැපකීරිම් කළ යුතුයි – අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

රට වැටී ඇති ආර්ථික ප්‍රපාතයෙන් ගොඩගැනීම සඳහා රජයේ අනවශ්‍ය වියදම් කපා හැර කැපකීරිම් සිදුකළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදි විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
රට ගොඩනැගීම සඳහා ඇති අවසන් අවස්ථාව මෙය වන අතර, එම උත්සාහය අසාර්ථකවුවහොත් ශ්‍රී ලංකාවට අත්වන්නේ ග්‍රීසියට සිදුවූ ආකාරයේ ප්‍රතිවිපාකයක් බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය විශේෂ ප්‍රකාශයෙන් පෙන්වා දෙනවා.
පවතින තත්ත්වයෙන් රට ගොඩනැගිය හැක්කේ වත්මන් ආණ්ඩුව පමණක් බවත් ජනාධිපතිවරයා සහ ජනතාව එය හොඳින් දන්නා බවත් අග්‍රමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළා.