Gossips

අනධ්‍යයන සේවකයින් අද සිට යළි සේවයට

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දින 44ක් පුරා වැඩ වර්ජනයේ නිරත වූ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් අද සිට යළි සේවයට වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා.
විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම කැදවුම්කරු එඞ්වඞ් මල්වත්තගේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ තම ඉල්ලීම්වලට අදාළ චක්‍රලේඛය පසුගිය දා විෂය භාර අමාත්‍යවරයා විසින් නිකුත් කිරීමත් සමඟ අදාළ තීන්දුවට එළඹුණු බවයි.