Gossips

අනධ්‍යයන සේවකයින්ගෙන් රතු එළියක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිකුත් කර ඇති නව චක්‍රලේඛයට විරෝධය පළ කරමින් ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවන බව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එහි සම කැදවුම්කරු එඞ්වඞ් මල්වත්තගේ සදහන් කළේ අදාළ චක්‍රලේඛය මගින් තම සේවය පිළිබද කොන්දේසි කිහිපයක් ද ඉදිරිපත් කර ඇති බවයි. ඒ අනුව 3 – 2018 අංකය යටතේ නිකුත් කර ඇති මෙම චක්‍රලේඛයට අනුව අනධ්‍යයන සේවකයන්ගේ වැටුපට සාපේක්ෂ දීමනාව වැඩි නොකෙරෙනු ඇති බවයි ඔහු සඳහන් කළේ.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දින 44ක් පුරා වැඩ වර්ජනයේ නිරත වූ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් නැවත සේවයට වාර්තා කළේ පසුගිය 17 වන දායි.