Gossips

අනධ්‍යයන වර්ජනයට සති දෙකයි

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය 14 වන දිනටත් ක්‍රියාත්මකයි.
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සභාපති එඩ්වඩ් මල්වත්තගේ සඳහන් කළේ තම වෘත්තීය ක්‍රියාමාර්ගයට බලධාරින් මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.
මේ අතර, මෙරට ඉඩම් මැනීමේ කටයුතු ඇමරිකානු සමාගමකට ලබාදීමට රජය පියවර ගෙන ඇති බව පවසමින් රජයේ මිනින්දෝරු සංගමය හෙට (14) සිට වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.
එම සංගමයේ සභාපති දුමින්ද උඩුගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ මෙම ක්‍රියාවට විරෝධය දක්වමින් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි.