පසුගිය දෙදින තුළ සිදුවූ විවිධ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 548 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. 
මෙය පෙර වසරට සාපේක්ෂව සියයට 13 ක වැඩිවීමක් බවයි රෝහල් ප්රකාශකයෙකු සදහන් කළේ. 
රිය අනතුරු හේතුවෙන් ද පුද්ගලයින් 163 දෙනෙකු එම කාලසීමාවේදී ජාතික රෝහලට ඇතුලත් කෙරුණා. 
එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 18 ක වැඩිවීමක්. 
කෙසේ වෙතත්, ගිනි කෙළි අනතුරුවලට ලක්වූවන් කිසිවෙකුත් මෙම කාලසීමාවේදී රෝහලට ඇතුලත් නොවීම විශේෂත්වයක් බවයි ජාතික රෝහලේ ප්රකාශකයා කියා සිටියේ.



