Gossips

අනතුරු දෙකකින් පුද්ගලයෙකු මරුට – 06 කට තුවාල

මොණරාගල – වැලිකුඹුර මාර්ගයේ කවුඩාව ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පොලිසිය ප්‍රකාශ කළේ ඊයේ සිදුවූ මෙම අනතුරෙන් මියගිය 27 හැවිරිදි පුද්ගලයා වැලිකුඹුර ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවයි.
මේ අතර, නුවරඑලිය – හැටන් මාර්ගයේ කොටගල ප්‍රදේශයේදී ඊයේ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පස් කන්දක ගැටී පෙරළීයාමෙන් එහි ගමන්ගත් එකම පවුලේ මව, පියා සහ දරුවන් දෙදෙනා තුවාල ලැබුවා.
හිරු වාර්තාකරු සඳහන් කළේ කොටගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබා ඔවුන් පිටව ගොස් ඇති බවයි.
නුවරඑලිය සිට ගාල්ල දක්වා ඥාතී නිවසකට යමින් සිටියදී ත්‍රීරෝද රථය අනතුරට ලක්ව ඇත්තේ රියදුරුට නින්ද යෑම හේතුවෙන් බව පොලිිසිය ප්‍රකාශ කළා.