Gossips

අනතුරු කිහිපයකින් පුද්ගලයින් දෙදෙනෙකු සහ කුඩා දරුවෙකු මරුට

අනුරාධපුර – පාදෙණිය මාර්ගයේ කුරුන්දන්කුලම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී ඊයේ (01) සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පොලීසිය සදහන් කළේ ත්‍රිරෝද රථය වෙනත් වාහනයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී අනෙක් පසෙන් පැමිණි වෑන් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.
මේ අතර, පුත්තලම අනුරාධපුර මාර්ගයේ 6 කෑල්ල හන්දිය ප්‍රදේශයේදී ඊයේ සිදුවූ රිය අනතුරකින් ද එක් අයෙකු මියගොස් තිබෙනවා. එමෙන්ම, තිහගොඩ ප්‍රදේශයේ ඊයේ (01) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් ද වයස අවුරුදු 5 ක පමණ කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලීසිය සදහන් කළේ.
දරුවා, සිය මව සහ පියා සමග ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි අවස්ථාවේදී එය වෑන් රථයක ගැටී අනතුර සිදුව තිබෙනවා.