කල්පිටිය, පොල්ගහවෙල සහ ගොකරැල්ල ප්රදේශවල සිදුවූ අනතුරුවලින් යතුරුපැදිකරුවන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කල්පිටිය – පාලකුඩා ප්රදේශයේ දී ලොරි රථයක යතුරපැදියක් ගැටී ඊයේ සිදුවූ අනතුරකින් අවුරුදු 40ක් වයසැති තලවිල ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු මියගියා.
පොල්ගහවෙල – කුරුණෑගල මාර්ගයේ මැද්දලන්ද ප්රදේශයේදී ද යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 22 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එමෙන්ම දඹුල්ල – කුරුණෑගල මාර්ගයේ පන්නල ප්රදේශයේදී යතුරුපැදියක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් සිදුවූ තවත් අනතුරකින් 26 හැවිරිදි තරුණයෙකු මියගිය බවයි පොලීසිය සඳහන් කළේ.