Gossips

අනතුරට ලක්වූ සුපිරි මෝටර් රථයක් තුළ කේරළ ගංජා කිලෝ 68 ක්

මරදානේදී අනතුරට ලක්වූ සුපිරි මෝටර් රථයක් තුළ තිබී රුපියල් ලක්ෂ 70 ක වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 68 ක් සොයාගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ අද අලූයම 3 ට පමණ මෙම සුපිරි මෝටර් රථය මරදාන දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි මගී පාලමේ ගැටී ඇති බවයි.
අනතුරෙන් පසුව එහි පැමිණි පුද්ගලයන් පලාගොස් තිබෙනවා.