Gossips

අනතුරට ලක්වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ මගීන්ගේ සිරුරු සොයා තවදුරටත් මෙහෙයුම්

ඉන්දුනීසියාවේ ජාකර්තා වෙරළට ඔබ්බෙන් පුද්ගලයන් 189 දෙනෙකු සමඟ කඩා වැටුණු ලයන් එයාර් ගුවන් යානයේ සිටි මගීන්ගේ සිරුරු සෙවීම සඳහා කිමිඳුම්කරුවන් 50 දෙනෙකු යොදවා තිබෙනවා.
ඒ සඳහා මුහුදු යාත්‍රා සහ හෙලිකොප්ටර් යානා ද යොදා ගැනෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඊයේ උදෑසන අනතුරට ලක්වූ ගුවන් යානයේ සිටි පුද්ගලයන් දස දෙනෙකුගේ සිරුරු මේ වන විට හමුවී ඇති අතර, ඒවා හඳුනා ගැනීම සඳහා රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.
අනතුරට ලක්වූ යානයේ වැඩිහිටි මගීන් 178 දෙනෙකු, කුඩා ළමයෙකු, ළදරුවන් දෙදෙනෙකු මෙන්ම නියමුවන් දෙදෙනෙකු හා කාර්ය මණ්ඩලයේ තවත් 6 දෙනෙකු සිටි බව සඳහන්.
අද උදෑසන සොයා ගැනුණු මළ සිරුරු අතර ළදරුවෙකුගේ සිරුරක් ද තිබූ බවයි ඉන්දුනීසියානු නියෝජ්‍ය පොලිස් ප්‍රධානියා සඳහන් කළේ.