Gossips

අනතුරට පත්වූ ධීවරයෙකු බේරා ගැනීමට නාවික හමුදා සහය

බහුදින ධීවර යාත්‍රාවක සිටියදී අනතුරට පත්වූ ධීවරයෙකු බේරා ගැනීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.
දකුණු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් මෙම ධීවරයා හම්බන්තොට වරාය වෙත රැගෙන ආ බවයි නාවික හමුදාව සඳහන් කළේ.
පසුගිය 7 වනදා ගාල්ල ධීවර වරායෙන් මෙම බහුදින යාත්‍රාව ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති අතර එහි සිටි ධීවරයෙකු හදිසි අනතුරකට ලක්ව ඇති බවට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය මගින් නාවික හමුදාව වෙත දැනුම්දී තිබුනා.
ඒ අනුව මුර සංචාරයේ නිරත වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත්ව ගොස් අදාළ ධීවරයාට ප්‍රථමාධාර පහසුකම් ලබා දෙමින් හම්බන්තොට ධීවර වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.