Gossips

අනතුරට පත්වූ ත්‍රිරෝද රථය වෙනුවට දිමුත් ත්‍රිරෝද රථයක් ලබාදුන්නාද? බුකිය කැළඹූ කතාවේ ඇත්ත නැත්ත මෙන්න

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න අතින් පසුගිය මාර්තු මස 30 වනදා බොරැල්ලේ කිංසි පාරේදී ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වූවා.
අදාළ අනතුර සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වූ අතර මෙහිදී දිමුත් කරුණාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියාසිටියේ අගතියට පත් පාර්ශ්වයට නව ත්‍රිරෝද රථයක් ලබාදීමට කටයුතු කරන බවයි.
හානිපූර්ණය කරන්නේ නම් නඩුව සමථයකට පත්කර ගැනීමට කැමති බව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබුනා.
මේ වනවිට නැවතත් එම තිරෝද රථය සම්බන්ධ හඬ පටයක් සමාජ මාධ්‍ය හරහා හුවමාරුවනවා.
අදාළ සමාජ මාධ්‍ය හරහා හුවමාරු වනවා දුරකථන සංවාදයේ සඳහන් වන්නේ දිමුත් කරුණාරත්න විසින් මේ වනතෙක් අගතියට පත් පාර්ශවය වෙත පොරොන්දු වූ පරිදි ත්‍රිරෝද රථය ලබාදී නොමැති බවයි.
කෙසේ වෙතත් දිමුත් කරුණාරත්න පාර්ශවය සඳහන් කරන්නේ අගතියට පත් පාර්ශවයෙන් ලැබිය යුතු නීතිමය ලේඛන ලැබුණු විගස නව තිරෝද රථය අගතියට පත් පාර්ශවය වෙත ලබාදී ඇති බවයි.
මේ අතර ඇතැමුන් පෙන්වා දෙන්නේ මෙය කිසියම් පාර්ශවයක් විසින් ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න අපහසුතාවයට පත්කිරීමට සමාජ මාධ්‍ය වෙත එක්කර ඇති බවයි.
බොරැල්ලේදී සිදුවූ රිය අනතුර පිළිබඳව මුහුණු පොත් සටහනක් තබමින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න මහතා මීට පෙර සිය කණගාටුව පළකළා.