Gossips

අනතුරකින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මරුට

අනුරාධපුර – පාදෙනිය මාර්ගයේ ගල්ගමුව සතිපොළ අසළ සිදුවූ රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඔවුන් ගමන් කළ යතුරුපැදිය කැබ් රථයක ගැටීමෙන් ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ තඹුත්තේගම සහ අනුරාධපුර පොලීසිවලට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර, පුත්තලම – ආනමඩුව මාර්ගයේ කොට්ටුකච්චිය ප්‍රදේශයේ ඊයේ සිදුවූ රිය අනතුරකින් 13 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය ප්‍රකාශ කළා.