Gossips

අනතුරකින් ආරක්ෂක අංශ සාමාජිකයන් 07 දෙනෙකුට තුවාල

යුද හමුදාවෙන් පළාගිය සෙබළුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක නිරතව සිටි ආරක්ෂක අංශ සාමාජිකයින් පිරිසක් ගමන් කළ කැබ් රථයක් බදුල්ල – මහියංගණය මාර්ගයේ තිඹිරිගස්පිටිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ අනතුරට ලක්වී තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ යුද හමුදා සෙබළුන් 6 දෙනෙකු සහ පොලිස් නිලධාරියෙකු මේ වනවිට බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.
අදාළ කැබ් රථයේ ටයරයක සිදුවූ පිපිරීමකින් එය පාලනය කරගත නොහැකිව පෙරලී යාමෙන් මෙම අනතුර සිදුව තිිබෙනවා.