කොළඹ – නුවර ප්රධාන මාර්ගයේ දං ඕවිට ප්රදේශයේදී අද උදෑසන සිදු වූ රිය අනතුරක් හේතුවෙන් ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ ශ්රී ලංගම බස් රථයක් සහ කොමඩු තොගයක් පැටවූ ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් ලොරි රථයේ ගමන් කළ අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
