Gossips

අනතුරක් සිදුකර පලාගිය පොලිස් සැරයන්වරයෙකු රිමාන්ඩ්

මාරක රිය අනතුරක් සිදුකර පලාගොස් සිටියදී අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයෙකු ලබන 16 වනදා දක්වා රිමාන්ඩ් කර තිබෙනවා.
ඒ, ඔහු කැකිරාව මහේස්ත්‍රාත් දුලාජ් වීරවර්ධන වෙත ඊයේ ඉදිරිපත් කළ අවස්ථාවේදියි.
පසුගිය 30 වනදා පස්වරුවේ ගල්නෑව – ගලේවෙල මාර්ගයේ හඳුන්ගම මංසන්ධිය ආසන්නයේ දී මෙම පොලිස් නිලධාරියා පැදවූ වෑන් රථය යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
පොලිස් නිලධාරියා අනතුරෙන් පසු පලාගොස් තිබූ අතර, පසුව ඔහු අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබුණා.
ගල්නෑව – පිටියයාය ප්‍රදේශයේ පදිංචි මෙම 50 හැවිරිදි සැරයන්වරයා කැකිරාව පොලීසියට අනුයුක්තව සේවය කළ අයෙක්.