Gossips

අනතුරකට අත වැනූ සංඥා දෝෂය

ගනේමුල්ල, යාගොඩ දුම්රිය ස්ථානය අසල ඇති දුම්රිය හරස් මාර්ගයකදී ඊයේ (25) පස්වරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය වූ මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල බලා ධාවනය වූ මන්දගාමී දුම්රිය මෝටර් රථයේ ගැටී ඇති අතර අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ දුම්රිය හරස් මාර්ගයට යොදා ඇති සංඥාවල පැවති දෝෂයක් මෙම අනතුරට හේතු වී ඇති බවයි.
අනතුරෙන් තුවාල ලැබූ මෝටර් රථයේ ගමන්ගත් පුද්ගලයෙකු ගම්පහ දිස්ත්‍රික් මහා රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.