Gossips

අනතර්ජාලයේ නොමනා සෙල්ලමින් බුකිය කැළඹූ ජනිත් කටුනායකට ගිහින් අන්තිමේදී හොට පටලවාගත් හැටි

අනතර්ජාලයේ නොමනා සෙල්ලමින් බුකිය කැළඹූ ජනිත් කටුනායකට ගිහින් අන්තිමේදී හොට පටලවාගත් හැටි "
ජංගම දුරකථන මිලදී ගැනීමට පැමිණ මුදල් වංචාවක් සිදුකර දුරකථන රැගෙන පලාගිය සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි ජනිත් කෂාන් නමැති තරුණයෙක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.
සැකකරු විසින් අන්තර්ජාලයේ පළවන දැන්වීම්වලට අනුව සැකකරු ගැනුම්කරුවෙකු බවට හඟවා දුරකථන පරීක්ෂා කිරීමට පැමිණීමෙන් අනතුරුවයි මෙලෙස වංචාවන් සිදුකර ඇත්තේ.
පසුව අන්තර්ජාලය ඔස්සේ අදාළ ජංගම දුරකථනය හිමිකරුගේ ගිණුමට මුදල් බැර කළ බවට සඳහන් ව්‍යාජ සටහනක් පෙන්වා පසුව අදාළ දුරකථනය රැගෙන පලා යාම සිදුකරනවා.
මෙලෙස ජංගම දුරකථන අලෙවි කරන පුද්ගලයන් පසුව තම බැංකු ගිණුම් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි එවැනි මුදල් බැරවීමක් සිදුවී නොමැති බවට අනාවරණ වන්නේ.
සැකකරු දෙහිවල , පානදුර , ගල්කිස්ස , මිරිහාන සහ කටුනායක යන ප්‍රදේශවලදී මෙවැනි වංචාවන් සිදුකර පලාගොස් ඇති බවට මීට පෙර පොලීස් ස්ථාන ගනණාවකට පැමිණිලි ලැබී තිබෙනවා.
සැකකරු ප්‍රථමයෙන් හික්කඩුව ප්‍රදේශයේ සහ අනතුරුව නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටිමින් විවාහ දෙකක් සිදුකරගෙන ඇති බවටයි තොරතුරු හෙළිවී ඇත්තේ.
ඒ අනුව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය විසින් ජංගම දුරකතනයක් අලෙවි කිරීමට ඇති බව දන්වමින් අන්තර්ජාලයේ උපායමාර්ගික දැන්වීමක් පළකර සැකකරු එය මිලදීගැනීමට කටුනායක ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරු කටුනායක ගුවන් තොටුපළ පොලීසිය විසින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කර ඇති අතර, එහිදී ඔහු ලබන මාර්තු මස 01 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.