අමාත්‍යාංශ සඳහා අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත් කිරීම සාමාන්‍ය ක්‍රියාවලියක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළා.
ඒ අද (05) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
කෙසේ වෙතත් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කරන්නේ අමාත්‍යාංශවලට අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත් කිරීම සම්බන්ධයෙන් තමන් විරෝධය පළ කරන බවයි.
එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට අමාත්‍යාංශ කිහිපයක අධීක්ෂණ මන්ත්‍රී ධුර ලබාදීමට මේ වනවිට යෝජනා වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහද කැබිනට් හමුවෙන් පසු අදහස් පළ කළා.
