Gossips

අධි සංවේදන ස්කෑනර් යන්ත්‍රයක් ප්‍රවාහනය කළ තිදෙනෙක් පොලීසියට කොටු

භූගතව පවතින ලෝහ සහ වෙනත් ද්‍රව්‍ය සෙවීමට භාවිත කරන අධි සංවේදන ස්කෑනර් යන්ත්‍රයක් ප්‍රවාහනය කළ පුද්ගලයින් තිදෙනෙකු වව්නියාව, ඉරට්ටපෙරියකුලම ප්‍රදේශයේදී ඊයේ (10) රාත්‍රියේදී වව්නියාව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉරට්ටපෙරියකුලම පොලිසිය පැවසූවේ පොලිස් වි‍ශේෂ කාර්ය බළකා නිළධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
නවීන මෝටර් රථයකින් අදාළ ස්කෑනර් යන්ත්‍රය සැකකරුවන් ප්‍රවාහනය කර ඇති අතර මහනුවර ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් තිදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
සැකකරුවන් විසින් නිධන් සෙවීමට හෝ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් සැඟවූ රත්රන් සෙවීමට අදාළ ස්කෑනර් යන්ත්‍රය ගෙන එන්නට ඇති බවට සැක කෙරෙනවා.
අත්අඩංගුවට ගත් ස්කෑනර් යන්ත්‍රය රුපියල් ලක්ෂ 50 කට වඩා වැඩි වටිනාකමින් යුක්‍ත වන අතර සැකකරුවන් අද (11) වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අප වාර්තාකරු පැවසුවේ.