Gossips

අධි වසංගතයක් වීමට පෙර උණට ප්‍රතිකාර දෙන්නැයි දකුණේ වෛද්‍යවරුන් ඉල්ලයි

දකුණු පළාත තුළ පැතිර යන වෛරස් උණ රෝගය, අධි වසංගතයක් දක්වා වර්ධනය වීමට පෙර සෞඛ්‍ය බලධාරින් අවශ්‍ය පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.
කරාපිිටිය ශික්ෂණ රෝහලේ පමණක් මේ වනවිට ළමයින් ඇතුඵව 08 දෙනෙකු මෙම උණ රෝගය වැළඳීමෙන් මියගිය ගොස් ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව එම රෝහල් පරිශ්‍රයේ මාධ්‍ය හමුවක් කැඳවමින් අද ප්‍රකාශ කළේ.
එමෙන්ම, එහිදී අදහස් දැක්වු එහි සම ලේකම් වෛද්‍ය කන්චිත සමරරත්න කියා සිටියේ ඊට අදාළ ප්‍රතිකාර කටයුතු සදහා අවශ්‍ය පහසුකම් ලබාදීමට බලධාරින් පියවර ගත යුතු බවයි.
කෙසේ වෙතත්, දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජේ.විජේසූරිය ප්‍රකාශ කළේ සති දෙකක පමණ කාලයක් තුළදී මෙම තත්ත්වය පාලනය කිරීමට හැකිවනු ඇති බවයි.