Gossips

අධිවේගී මාර්ගවල බස් ගාස්තුත් ඉහළට

සියයට 12.5 කින් බස් ගාස්තු ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවීමත් සමඟ අධිවේගී මාර්ගවල ධාවනය වන බස් රථවල ගාස්තුවද ඉහළ දමා තිබෙනවා.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ඒ අනුව මහරගම සිට මාතර දක්වා අය කෙරෙන බස් ගාස්තුව රුපියල් 500 සිට 560 දක්වා ඉහළ නැංවෙන බවයි.
මහරගම සිට ගාල්ල දක්වා රුපියල් 410 ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 450 ක් වනු ඇති.
කඩවත සිට ගාල්ලට වන නව බස් ගාස්තුව රුපියල් 490 ක් වන අතර, කඩවත සිට මාතරට බස් ගාස්තුව රුපියල් 600 ක්.