Gossips

අධිවේගී මාර්ගවලින් කෝටි 3000ක ආදායමක්

අධිවේගී මාර්ගයේ පසුගිය ජුනි මාසය වන විට රුපියල් කෝටි 3082 න් උපයා ගෙන ඇති බව අධිවේගී මාර්ග පද්ධතියේ නඩත්තු හා මෙහෙයුම් අංශ ප්‍රධානි එස්. ඕපනායක පවසනවා.
එම මුදල පිටත අධිවේගි මාර්ගයේ එක් අදියරක් සඳහා වැය වු මුදල උපයා ගැනීමක් ලෙස සැලකිය හැකියි.
එමෙන්ම පාසල් නිවාඩු කාලය වන මෙම මාසයේ ගෙවුණු කාල සිමාව තුළදී දෛනිකව රථවාහන එක් ලක්ෂ 10.000ක් අධිවේගි මාර්ග භාවිතා කර තිබෙනවා.
මේ වන විට කඩවත, පින්නදූව, ගොඩගම, යන අධිවේගි මාර්ග පිවිසුම් සහ පිටවීමේ දොරටු අසල රථවාහන තදබදයක් ද පවතින බවයි අධිවේගි මාර්ග පද්ධතියේ නඩත්තු හා මෙහෙයුම් අංශ ප්‍රධානී එස්. ඕපනායක සඳහන් කළේ.