අධිවේගී මාර්ග දෙපස වනාන්තර කලාපයක් පිහිටුවීමට මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබෙනවා.
අධිවේගී මාර්ග ඉදිකිරීමේදී ඉවත් කළ වනාන්තර නැවත නිර්මාණය කිරීම සඳහා මාර්ග දෙපස මෙලෙස ගස් සිටුවීමට පියවර ගන්නා බවයි එහි අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුර මාන්නප්පෙරුම කියා සිටියේ.
මේ අනුව යුද හමුදාව සමඟ එක්ව පළතුරු හට නොගන්නා ශාඛ වර්ග සිටුවීමට පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළා.
