දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදුව අන්තර් හුවමාරුව සහ ගොඩගම අන්තර් හුවමාරුව අතර එක් මංතීරුවක් අද (01) සිට වසා දමා තිබෙනවා.
ඉදිකෙරෙමින් පවතින දකුණු අධිවේගී මාර්ගයේ දිගුව සහ දැනට පවතින මාතර දක්වා අධිවේගී මාර්ගය ඒකාබද්ධ කිරීම සඳහා මෙලෙස මංතීරුව වසාදමා ඇති බවයි මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්යංශය නිවේදනය කරන්නේ.
