Gossips

අධිවේගී මාර්ගයේදී ලොරියක් ගිනි ගනී (ඡායාරූප)

කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථාන අතරදී කුඩා ලොරි රථයක් ගිනි ගැනීමට ලක්වී තිබෙනවා.
අද පෙරවරුවේ සිදුවූ මෙම අනතුරෙන් ලොරි රථයේ රියදුරු පිලිස්සුම් තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බවයි පොලීසිය කියා සිටියේ.
අනතුරට ලක්වූ ලොරිය මේ වනවිට අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයට රැගෙනවිත් ඇති අතර, ගිනි ගැනීමට හේතුව කාර්මික දෝෂයක් බවයි අනාවරණ වී ඇත්තේ.