Gossips

අධිවේගයට වාර්තාගත ආදායමක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ කොළඹ – කටුනායක අධිවේගි මාර්ගයේ රථ වාහන ධාවනය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය සතියේ බ්‍රහස්පතින්දා සිට සෑම දිනකම එම අධිවේගී මාර්ග දෙකෙහි රථවාහන ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ධාවනය කර ඇති බවයි අධිවේගී මාර්ග මෙහෙයුම් අධ්‍යක්‍ෂ එස්. ඕපනායක කියා සිටියේ.
වැඩිම වාහන සංඛ්‍යාවක් පසුගිය සිකුරාදා දින දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ගමන් කර ඇති අතර, එදින උපයා ඇති ආදායම රුපියල් මිලියන 32 ක්.
එම ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට 8 ක පමණ වැඩිවීමක් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.