දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහනවලට අවශ්‍ය සියලූම වර්ගයේ ඉන්ධන ලබා ගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක ඉන්ධන පිරවුම්හල් දෙකක් වැලිපැන්න සේවා කලාපයේ විවෘත කර තිබෙනවා.
මගී ජනතාවගෙන් ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් අදාළ ඉන්ධන පිරවුම්හල් විවෘත කළ බවයි අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු අධ්‍යක්ෂ එස්. ඕපනායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
