Gossips

අධිපීඩන වායු ගුද මාර්ගයට ඇතුළු කළ පුද්ගලයා මියයයි

අධිපීඩන වායු බටයක් ගුද මාර්ගයට ඇතුල් කිරීම හේතුවෙන් දින 9 ක කාලයක් හොරණ මූලික රෝහලේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා ඊයේ (05) ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
හොරණ – බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේ කර්මාන්තශාලාවක සේවකයෙකු වන මොහුගේ ගුද මාර්ගයට අධි පීඩන වායු බටය ඇතුළත් කර තිබුණේ එහි තවත් සේවකයෙකු විසින්.
වායු බට රැගෙන උසුලු විසුළු කරමින් සිටි අවස්ථාවේදී එක්වරම අනෙක් සේවකයා අදාළ අධිපීඩන වායු බටය ඔහුගේ සිරුරේ පිටුපස ප්‍රදේශයට ඇතුලු කර ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණා.
ගුද මාර්ගයට වායු ධාර ඇතුලූවීමෙන් ඇතිවූ පීඩනයත් සමඟ බඩවැලක් පුපුරායාමෙන් මෙම මරණය සිදුව තිබෙනවා.
අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූයේ බණ්ඩාරගම – රයිගම උතුර ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි තිදරු පියෙක් වන අතර, සිද්ධියෙන් පසු අනෙක් සේවකයා පොලීසිය අත්අඩංගුවට ගෙන මේ වනවිට ඇප මත මුදා හැර සිටිනවා.