Gossips

අධික ශබ්දයෙන් නලා හැඩවූ, රියදුරන් 7908කට නඩු

අධික ශබ්ද සහ ආලෝක සංඥා නිකුත් කරමින් රිය ධාවනය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දිවයින පුරා දින දෙකක සිදුකළ මෙහෙයුම් වලදී නඩු 7906 ලබා ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.
පසුගිය 08 වැනිදා සිදුකළ මෙහෙයුම්වලදී නඩු 3511 ක් ලබාගෙන ඇති අතර, පසුගිය මස 14 වැනිදා සිදුකළ වැටලීමේදී නඩු 4395 ක් ලබාගත් බව පොලිසිය ප්‍රකාශ කළා.
අධික ශබ්දය නිකුත් කරන නලා භාවිත කරමින් රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම මෙහෙයුම ආරම්භ කර ඇති බව සඳහන්.
විවිධ වෛවර්ණ ආලෝක සංඥා සැරසිලි ලෙස යොදා ගනිමින් ධාවනය කෙරෙන රථ වාහන ද මෙහිදී ඉලක්ක කරගෙන තිබෙනවා.
මේ අතර, මොණරාගල පොලිස් කොට්ඨාශයේ පොලිස් වසම් 18 ක ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අද අලූයම දක්වා විශේෂ රථවාහන සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණා.
එහිදී අධික ශබ්දය සහ ආලෝක සංඥා නිකුත් කරමින් රිය ධාවනය කළ පුද්ගලයින් 148 කට එරෙහිව නඩු පවරා තිබෙනවා.