වර්තමානයේ දෙමව්පියන්ගේ නොසැලකිල්ල හේතුවෙන් කුඩා දරුවන් අනතුරට ලක්වන අවාසනාවන්ත අවස්ථා පිළිබඳව අප අසා තිබෙනවා.
හය හතර නොදත් කුඩා දරුවෙකු මහ පාරේ අධික වේගයෙන් ගමන් කළ බස් රථයකට ගැටෙන්නට ගොස් අනූ නමයෙන් බේරෙන වීඩියෝවක් මේවන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතිනවා.
එම සිදුවීම වන අවස්ථාවේ මාර්ගය ආසන්නයේ කාන්තාවන් දෙදෙනෙකුද සිටින අතර පසුව කාන්තාවක් දිවවිත් දරුවා රැගෙන යනවා.
දරුවා අධික වේගයෙන් පැමිණි බස්රථයට බිය වී බස්රථය ආසන්නයෙන්ම නතරවීම හේතුවෙන් සිදුවන්නට ගිය මහා විනාශයක් නූලෙන් වියැකී යනවා.
එම අවස්ථාව දැක්වෙන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝව පහතින්.