Gossips

අධික වැසි නිසා ඉහළ කොත්මලේ සහ ලක්ෂපාන වන්දොරටු විවෘත කෙරේ (ඡායාරූප)

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ සහ ලක්ෂපාන ජලාශවල වාන්දොරටු 5 ක් විවෘත කර තිබෙනවා.
ඉහළ කොත්මලේ ජලාශයේ වාන්දොරටු 3ක් අද (15) අලුයම ස්වයංක්‍රීයව විවෘත වී ඇති අතර, මේ හේතුවෙන් කොත්මලේ ඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා සෙන්ක්ලෙයාර් දිය ඇල්ලේ ද ජල ධාරිතාවය වැඩි වී ඇති බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.
ඉහළ කොත්මලේ ජලාශයේ ජල පෝෂකවලට තවදුරටත් වැසි ලැබුණහොත් ජලාශයේ වේල්ලට පහළින් ගඟ දෙපස සිටින ජනතාව ඒ පිළිබදව අවධානයෙන් පසුවිය යුතු බව විදුලිබලාගාර ඉංජිනේරුවන් ප්‍රකාශ කළා.
මේ අතර, ලක්ෂපාන ජලාශයේ ද වාන්දොරටු 2 ක් අද (15) අලුයම විවෘත කෙරුණු අතර, මේ හේතුවෙන් කැළණි ගෙඟ් ජල මට්ටම ඉහළ යා හැකි බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.





ඡායාරූප – හැටන්, රංජිත් රාජපක්ෂ