Gossips

අධික වර්ෂාවෙන් පොළොන්නරුව – සෝමවතිය මාර්ගය ජලයෙන් යටවේ

පවතින අධික වර්ෂාවත් සමඟ පොළොන්නරුව – සෝමවතිය මාර්ගයේ දික්ගල ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එම මාර්ගය අඩි 3 ක් පමණ ජලයෙන් යටවීම හේතුවෙන් පූජා නගරයට පැමිණෙන වාහනවලට බාධා එල්ලවී ඇති බවයි.
මේ අතර නිල්වලා ගඟේ ජල මට්ටමද අකුරැස්ස ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ඒ හේතුවෙන් පහත්බිම් ප්‍රදේශවල සිටින ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසටද ඉල්ලීමක් කෙරුණා.