Gossips

අධික වර්ෂාවෙන් පාර්ලිමේන්තුව යටවෙයි ද ?

අධික වර්ෂාවෙන් පාර්ලිමේන්තුව යටවෙයි ද ?"
හදිසි ජල ගැල්මකට පාර්ලිමේන්තු ආරක්ෂක අංශත් සීරුවෙන්
පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ පාර්ලිමේන්තු පරිශ්‍රය ජලයෙන් යටවීමේ අවදානම සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස කථානායක කරු ජයසූරිය උපදෙස් ලබාදී තිබෙනවා.
පාර්ලිමේන්තු මහලේකම්වරයා මගින් එහි ආරක්ෂක අංශය වෙත මෙම උපදෙස් නිකුත් කර ඇති බවයි කථානායක කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ.
පාර්ලිමේන්තු ආරක්ෂක අංශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සරත් කුමාර විසින් දියවන්නා ඔයෙහි ජල මට්ටම නිරීක්ෂණය කිරීම සඳහා නාවික හමුදා නිලධාරීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පත් කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් විසින් සෑම පැය දෙකකට වරක් එහි ජල මට්ටම මැන බලන බවයි වාර්තා වන්නේ.
කොළඹ අවට ප්‍රදේශවලට තවදුරටත් අඛණ්ඩ වර්ෂාපතනයක් පැවතියහොත් පාර්ලිමේන්තු පරිශ්‍රය ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කතානායකවරයා වෙත දැනුම් දෙනු ලැබුවේ ඊයේ දිනයේදියි.
මීට අමතරව දියවන්නාඔය අවට නිවාස කිහිපයකට ද ජල ගැලීමේ අවධානමක් මතුවිය හැකි බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.
2010 වසරේ නොවැම්බර් මාසයේදී ද අයහපත් කාලගුණය හේතුවෙන් පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුම සහ බිම් මහල ජලයෙන් යට වුණා.