Gossips

අධික වර්ෂාවත් සමඟ නාවලපිටිය ජලයෙන් යටවෙයි

මධ්‍යම කඳුකරයට පවතින අධික වර්ෂාවත් සමඟ නාවලපිටිය නගරයේ කොටසක් වැසි ජලයෙන් යටවී තිබෙනවා.
නවලපිටිය බස් නැවතුම්පොළේ සිට ගම්පොළ දෙසට ශ්‍රී පාද පිරිවෙන දක්වා මීටර් 500 ක පමණ දුරක් මෙලෙස වැසි ජලයෙන් යටවී තිබූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
නගර මධ්‍යයේ අඩි දෙකක් පමණ උසට මෙලෙස ජලයෙන් යටවී තිබෙනවා.
මේ හේතුවෙන් නගරයේ වෙළඳසල් කිහිපයක්ද ජලයෙන් යටවූ බවටයි වාර්තා වන්නේ.
වැසි ජලය බැස යාමටඇති කාණු පද්ධතිය ක්‍රමවත් ලෙස පිළිසකර කර නොතිබීම හේතුවෙන් මෙලෙස නගරය ජලයෙන් යටවන බවටයි නගරවාසීන් චෝදනා කරන්නේ.